පැතිකඩ පිළිගැන්වීම

චරිතාපදානය

1961 වර්ෂයේ රත්නපුර කිරිඇල්ලේදී මා උපත ලැබූ අතර මගේ පියා කේ ජී අබේරත්න ගොවිමහතෙකි මව එච් කේ සෝමරත්න මැණිකේ ගෘහනියකි මට සහෝදර සහෝදරියන් 10 සිටී.

මා මූලික අධ්‍යාපනය ලැබුවේ බටහිර මුදුන්කොටුව විද්‍යාලයේ පසුව සාමාන්‍ය පෙළ සදහා කිරිඇල්ල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුල් වුනා. එහිදී කලා අංශයෙන් උසස්පෙළ සමත් වුනා. මා උසස් අධ්‍යාපය සදහා 1983 දී ශ්‍රී ජයවර්ධනපුර විද්‍යොදය විශ්ව විද්‍යාලයට ඇතුල් වී 1990 දී භූගෝල විද්‍යාව පිළිබ`ද විශේෂ 2වන ඉහළ පෙළ(2nd upper) සාමාර්ථයක් ගෙන පිට විය.

ඔබගේ සමකාලීනයන් නම් මහාචාර්ය සම්පත් අමරතුංග (දැනට කළමණාකාර පීඨයේ පීඨාධිපති හා වැඩබලන උප කුලපති), අනුෂ පැල්පිට (විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්), ගානක අමරසිංහ (ඒඒටී ආයතනයේ සභාපති) මහාචාර්ය රත්නායක, මහාචාර්ය සමරකෝන්, මහාචාර්ය පත්මසිරි කන්නංගර (ජපුර වි: විද්‍යාලය), මහාචාර්ය කරුණාතිලක (කැළණිය වි:විද්‍යාලය), මහාචාර්ය කරුණාරත්න (කොළඹ වි:විද්‍යාලය) සහ රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති රවි ලියනගේ මහතා වැනි විද්වතුන් අතර මට සිටින්නට ලැබීම භාග්‍යයක්. මා ලබාගත් තවත් අධ්‍යාපය සුදුසුකම් නම්

  • පශ්චාත් උපාධි සහ අධ්‍යාපන පරිපාලනනය පිළිබ`ද ඩිප්ලෝමාව - ජාතික අධ්‍යාපය ආයතනය
  • ශාස්ත්‍රපති උපාධිය - කැළණිය විශ්ව විද්‍යාලය

මාගේ පළමු රැකියාව වූයේ 1992 දී ගුරුවරයකු ලෙස ප්‍රථම පත්වීම කිරිඇල්ල එපිටවල විද්‍යාලයට ලැබීම.විදුහල් පති ශ්‍රේණියට පත් වූයේ 1993 මැයි මාසයේ දී අධ්‍යාපන පරිපාලන සේවා විවෘත තර`ග විභාගයෙනි. මා එයින් සමත්ව අධ්‍යාපන පරිපාලනසේවා 3 වන පන්තියට ඇතුලත් වුනා. 1994 දී උප විදුහල්පති ලෙස මුල්ම පත්වීම ලැබුනේ පන්නිපිටිය ධර්මපාල විද්‍යලයටය.

අත් අකුරුවල සමීප දසුනක්....